27 April 2024
#දේශීය

ඉන්දීය ධීවර ආක්‍රමණය අනුමත කළ නොහැකියි – ඇමති ඩග්ලස්

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විනාශ කිරීම දිගින් දිගටම සිදුවන බවත් එය නවතාලිමට ඉන්දීය ධීවරයන්කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එය ධීවර අමාත්‍යවරයා ලෙස තමන් තරයේ හෙලා දකින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන ධීවර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විවේකා නන්දන් අද (25) දින ධීවර අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේදිය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් සිදුකරන විනාශය නවතා ලීමට නොයෙකුත් අවස්ථාවල අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කලද තමිල්නාඩු ධීවරයන් කල්ගනිමින් ප්‍රශ්ණය මග හරිමින් සිටින අතර මෙලෙස මෙම ගැටලුව වසර 15ක් දක්වා ඈතට දිවෙන අතරම දිගින් දිගටම නීති විරෝධි ධිවර කටයුතු හා මුහුදු සම්පත් විනාශ කිරීම් වැනි දේවල් සිදු කරමින් සිටින නිසා ලංකා ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ගයට දැඩි බලපෑමක් ඇති වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *