රටේ නීතිමය ක්‍රියාදාමයන් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පොලිස් විමර්ශනයක් සිදු කිරීමේදී ඊට දේශපාලනිකව මැදිහත් වීම සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තිය නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
එම පුද්ගලයින් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරමින් පක්ෂය තුළ පවතින ගැටලු සහ වැරදි ක්‍රියාවන් පිරිසිදු කිරීමට කටයුතු කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් තමන්ට හෝ සිය පක්ෂයට කිසිදු විරෝධයක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
නීතිය ඉදිරියේ කවුරුත් සමාන විය යුතු බවත්, වැරදි කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට පක්ෂය කිසිවිටෙකත් බාධාවක් නොවන බවත් හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
















