27 April 2024
#දේශීය

සජිත්ට තියෙන්නේ ජනාධිපති වෙන උණක් – ඇමැති එස්.එම්.චන්ද්‍රසේන

සමගි ජනබලවේගය විසින් ඊයේ සංවිධානය කර තිබු විරෝධතා පාගමන තුලින් සජිත් ප්‍රේමදාසගේ අභිප්‍රාය වී ඇතතේ මෙරට ජනාධීපතිවරයා වීමේ සිහිනයක් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේත් ඊට අනුබද්ධ සංධානයේ මන්ත්‍රිවරු සියලු දෙනා එකතුවෙලා කොළඹට ගෙන මහජන ගඟක් ගලනවා කියලා විශාල ප්‍රසිද්ධියක් කරා. අපි සිතුවා විශාල සෙනගක් අරන් එයි කියලා අපි බලාපොරොත්තු වුණේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම අමතලා කියනවා ඉක්මණින් ජනාධිපතිවරණයක් තියන්න කියලා. එතුමාට දැන් ජනාධිපති වීමේ උණක් තිබෙන්නේ. ඒක කොවිඩ් වසංගතයටත් වැඩිය ඩෙංගු උණටත් වැඩිය මහ බරපතල උණක් තිබෙන්නේ. 78 සිට මේ වෙනකන් ජනාධිපතිවරණ තිබුණා, ජනාධිපතිවරු බිහිවුණා, රටේ යම් යම් අවස්ථාවලදී අර්බුද ඇති වුණා. විශාල අර්බුදය 88 – 89 කාලයේ ඇති වුණේ. මේ කාලයේවත් විපක්ෂයේ කිසිම කෙනෙක් ජනාධිපතිවරණයක් තියන්න කියලා ඉල්ලුවේ නෑ. එහෙම ජනාධිපතිවරණය ගැන සහ ව්‍යවස්ථාව ගැන සාමාන්‍ය දැනීම ගැන සජිත් ප්‍රේමදාස මහතාගේ තියෙන දැනුම පිළිබඳව අපි කණගාටු වෙනවා යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *