කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කරනු ලැබ ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් රට තුළ මතු කරමිනි. මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සඳහා විපක්ෂයේ සියලු පක්ෂවල එකඟතාව හිමිවී ඇති අතර, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී එය පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත නිල වශයෙන් භාරදීමට නියමිතව ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව විශේෂඥ කණ්ඩායමක් විසින් සූදානම් කර ඇති අතර, රාජ්‍ය දේපළ අවභාවිතය, නිල නිවාස සහ වාහන අයුතු ලෙස භාවිත කිරීම, කාර්ය මණ්ඩල අභ්‍යන්තර පාලනයට අනිසි ලෙස මැදිහත්වීම සහ ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම ඇතුළු බරපතළ චෝදනා 46ක් ඊට ඇතුළත් කර තිබේ. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව එකවර මෙතරම් ඉහළ චෝදනා ප්‍රමාණයක් එල්ල වන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙන්, දේශපාලන හා ව්‍යවස්ථාදායක ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙම වර්ධනයන් සමඟින් ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු දේශපාලන සමීකරණ තවත් උණුසුම් වනු ඇති අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රතිචාරය සහ කතානායකවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වනු ඇද්ද යන්න පිළිබඳව ජාතික මට්ටමින් දැඩි අවධානයක් යොමුව ඇත. ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවය සහ විනිවිදභාවය සුරැකීම සම්බන්ධයෙන් මෙම අර්බුදය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙේ.
















