විවිධ හේතූන් මත දඬුවම් විඳිමින් බන්ධනාගාරගතව සිටින ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.
ඒ සඳහා රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්කරන ලෙස ඉල්ලා ඔහු කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
බන්ධනාගාරය තුළදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී බන්ධනාගාරගත ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකවරුන් පැළඳිය යුතු වස්ත්ර පිළිබඳව පවතින ගැටලු එම සාකච්ඡාවේදී සලකා බැලීම මෙම ඉල්ලීමේ අරමුණ බව වාර්තා වේ.
















