විපක්ෂයේ සිට මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම දුෂ්කර සහ අභියෝගාත්මක කාර්යයක් බවත්, එසේ වුවද ඉදිරියේදී පිහිටුවන තම රජයක් තුළින් රටට අතිශය ශක්තිමත් සංවර්ධන යුගයක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අද වන විට මෙරට තරුණ පරපුර, දරු පරපුර මෙන්ම මව්වරුන්ද දැඩි අසහනයකට සහ පීඩනයකට ගොදුරු වී සිටින බව ඒ මහතා සඳහන් කළේය. ජනතාව විඳින මෙම පීඩාවෙන් ඔවුන් නිදහස් කරගනිමින්, රට යළි ගොඩනැගීමේ පූර්ණ වගකීම තමන් භාරගැනීමට සූදානම් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














