ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කිරීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහඔය ජිනරතන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පැවැති උපහාර උත්සවයක් අමතමින් ඔහු අවධාරණය කළේ, ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව මගින් බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමට රජය බැඳී සිටින බවයි. බුදුදහමට මුල්තැන දෙමින් සෙසු ආගම්වලට ද නිසි රැකවරණය සලසන සමබර වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යා යුතු බවත්, දහම් අධ්‍යාපනය නඟාසිටුවීම මගින් ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














