27 April 2024
#ක්‍රීඩා

සජිත් ජනපතිව දකින්න ඇස් පිං කරන්න ඕන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රධානීයා වශයෙන් පත්වීම දකින්න අපේ දෑස් පිං කිරීමට අවශ්‍ය බව රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ රත්මලාන , බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය සහ ණය මූල්‍ය ප්‍රදානය ඊයේ(04) සිදු කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඇය කියා සිටියේ තනතුරු ලබා නොදීම හේතුවෙන් තමාව ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවයි.

වැඩ නොකරන කිසිවෙකුටත් තනතුරු ලබා නොදෙන බවත්, තමාව දුම්මල ගසා හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ නොහැකි බව ඇය කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *