27 April 2024
#දේශීය #පුවත්

සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, SJB පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (30) නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාලිගාවත්ත පොලිස් වසමේ මහජනතාව අපහසුතාවට සහ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් විරෝධතා පා ගමනක් පැවැත්වීම තහනම් කෙරේ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පැවසුවේ වෙනසක් හදන වසරක් 2024 උද්ඝෝෂණය අද (30) පස්වරු 1.30 ට කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ කෙරෙන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *