මෙරට නිවාස නව්‍යකරණයේ, ගුණාත්මකභාවයේ සහ පාරිභෝගික විශ්වාසයේ ඉහළම ඇගයීම හිමිකර ගනිමින්, 2025 Superbrands Sri Lanka’s Choice සම්මාන උළෙලේදී ‘ගෘහ උපකරණ‘ අංශය යටතේ නිල වශයෙන් ‘Superbrands’ පිළිගැනීම තමන් සතු කර ගැනීමට Samsung Sri Lanka සමාගම සමත්ව තිබේ.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර ඇත්තේ, වසර ගණනාවක් පුරා පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගත් නොසැලෙන විශ්වාසය සහ පක්ෂපාතීත්වය මෙම පිළිගැනීම තුළින් මනාව පිළිබිඹු වන බවයි. තාක්ෂණික නවෝත්පාදනයන් මඟින් ජන ජීවිතය වඩාත් යහපත් සහ සරල කළ යුතු බව විශ්වාස කරන බව පැවසූ ඒ මහතා, පාරිභෝගිකයන්, අලෙවි හවුල්කරුවන් සහ කැපවීමෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියේය.
ගෘහ උපකරණ, රූපවාහිනී යන්ත්‍ර මෙන්ම SmartThings තාක්ෂණය හරහා එකිනෙකට සම්බන්ධ කළ හැකි අතිනවීන පද්ධති හරහා පාරිභෝගිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන්ට ගැළපෙන සේවාවක් සැපයීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, මෙරට ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයන් සහ බැංකු හරහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ මෙම උපාංග ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වී තිබේ.
















