අස්වැසුම ප්රතිලාභ ලැබීම හේතුවෙන් සමෘද්ධි ප්රතිලාභ අහිමි වූ පවුල්වල අ.පො.ස. (උසස් පෙළ) හදාරන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සමෘද්ධි සිප් දොර ශිෂ්‍යත්ව වැඩසටහන’ යටතේ වැලිමඩ ප්‍රදේශයේ සුදුසුකම් ලැබූ සිසුන් 76 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කර තිබේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි සමාජ සංවර්ධන භාරකාර අරමුදල මඟින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ මීට පෙර මාසිකව රුපියල් 1,500ක් ලෙස ලබා දුන් ශිෂ්‍යත්ව මුදල මෙම වසරේ සිට රුපියල් 3,000 දක්වා දෙගුණ කර ඇති අතර, 2025 – 2027 අධ්‍යයන වර්ෂය සඳහා තෝරාගත් මෙම සිසුන්ට මාස 24ක කාලයක් සඳහා අදාළ ප්රතිලාභ හිමි වේ. මෙහිදී පාසල් හැර ගිය තරුණ තරුණියන් 12 දෙනෙකු සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු ආවරණය කිරීම පිණිස මූල්‍ය ආධාර චෙක්පත් පිරිනැමීමද සිදු කර ඇත.
















