හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මැයි මස 26 වනදා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) තීරණය කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ රජයට පාඩුවක් වන පරිදි කටයුතු කිරීම සහ දූෂණය යන චෝදනා යටතේ මෙම නඩු පවරා තිබේ. අදාළ නඩුවල විභාග කටයුතු අවසන් වී ඇති අතර, ඒ අනුව මැයි 26 වනදා එම නඩුවල අවසන් තීන්දුව ලබා දීමට නියමිතය.














