සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම මේ වන විට බෞද්ධයන්ගේ දැඩි විරෝධයට හේතු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.
එලෙස ඇති වූ ජනතා විරෝධය සහ බෞද්ධ විරෝධය මැඩපැවැත්වීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ ලබාගෙන ඇති බව ඔහු අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. වත්මන් රජය බලයට පැමිණි දිනයේ සිට කිසිදු පොරොන්දුවක් ඉටු නොකරමින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ කාර්යය පමණක් සිදු කරන බවද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් චෝදනා කළේය.















