8 September 2024
#දේශීය #පුවත්

යෝජිත විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

“සර්වජන බලය” එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව එකමුතුව යෝජිත විදුලි පනතට එරෙහිව අද(05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. මේ සඳහා ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන නියෝජිතයින් සහභාගිවිය.

“සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන මහත්වරු මෙම සාමකාමී උද්ඝෝෂණයට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *