27 April 2024
#දේශීය

ආණ්ඩුකාර ලලිත්ට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානයෙන් පිදුම් ලබයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ දින(27) පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමය දී පැවැත්විණ.

ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකාය අරඹා වසර 150 ක් පිරිම නිමිති කරගෙන තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙණේදී පවත්වන ලද උත්සව සභාවේ දී හා අතිපූජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමලාභීදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අක්තපත්‍ර ප්‍රධාන උත්සවය අතිවිශිෂ්ට ලෙස සංවිධානය කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා හා දායක සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු දිසා රාජ්‍ය නිලධාරීන්,බෞද්ධ ප්‍රභූන් හා දායකකාරකාදීන් ‘සසුන් කෙත සරු කිරීමට’ දරන ලද මෙහෙවර අගයා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *