27 April 2024
#ව්‍යාපාර

රට ගැන සිතන සතොස තවත් ඉදිරියට ගෙන යනවා – එස්.එච්.එම්.ෆාරාස් 

මේ වන විට රටේ වැඩි ආදායමක් ලබන ආයතන ලෙස සතොස හැඳින්විය හැකි බව  ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා පවසයි. ttvnews.lk  වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ අනෙකුත් වෙලෙඳ ආයතන අභිබවා සතොස ආයතනය දියණුවට පත්ව ඇති බවයි.

එසේම ඉදිරියේදී තව තවත් දුරට රටේ පෙරළිකාර වෙනස් ඇති කරමින් සතොස ආයතනය දියුණුවට පත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසිය. 

තව ද මෙවර ස්ලිම් නිල්සන් සම්මානය දිනා ගැනීමට හැකි වු බවත් පෞද්ගලික ආයතන අභීබවා මෙවර සම්මානය දිනා ගැනීමට රටේ ජනතාවගේ දායකත්වය හිමිවිම විශේෂත්වයක් බවයි ඔහු කියා සිටියේය. 
එසේම අඩුම මිල යටතේ ගොවියාටද සාධාරණයක් ඉටු කරමින් එදා මෙන්ම තවදුරටත් පාරිභොගිකයාට සුරක්ෂිත භාණ්ඩ ලබා දීමට ලංකා සතොස කාර්ය මණ්ඩලය කැප විමක් සිදු කර ඇති බව ද හෙතෙම අනාවරණ කළේය. 
ගොවින්ට සිදුවන පාඩුවලදී පවා ලංකා සතොස මැදිහත්ව ගොවින්ගේ එම බෝග මිලදී ගැනීමට කටයුතු කර රටේ ඇතිව අර්බුධකාරි තත්ත්වයන්ට පවා සතොස මැදිහත්ව කටයුතු කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිළධාරී එච්.එම්.ෆාරාස් මහතා වැඩිදුරටත් අප වෙත කියා සිටියේය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *