27 April 2024
#දේශීය

පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි – ඇමැති අකිල

ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට  විදුහල්පතිවරුන් දක්වා උපදෙස් පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පාසැල් මානව සම්පත් ප්‍රවර්ධන ප්‍රධානය කිරීමේ වැඩසටහනට එක්වෙමින්.
 
විදුහල්පතිවරුන් විදුහල පරිපාලන ඒකකයක් සේ සලකා කටයුතු කළ  යුතු බව මෙහිදී පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා චක්‍රලේඛණ නිකුත් කළ පමණින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බව සඳහන් කළා.
 
ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙන්වා දුන් අමාත්‍යතුමන් පාසැල් තුළ තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධතා ජාලයක් පවත්වා ගත යුතු  බවද මෙහිදී කියා සිටියා.
 
 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *