රතු මුහුද (Red Sea) ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ‘NCC MASA’ නමැති සවුදි අරාබියට අයත් නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් එහි බාහිර සැකිල්ලට (hull) සුළු හානි සිදුවී ඇති බව සවුදි රාජ්‍ය පුවත් සේවය (SPA) වාර්තා කරයි.
නෞකාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවය පරීක්ෂා කර තහවුරු කරගැනීමෙන් අනතුරුව, එම නෞකාව නැවතත් සිය ගමනාන්තය වෙත ගමන් ආරම්භ කළ බව සවුදි මහා ප්‍රවාහන අධිකාරිය පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














