27 April 2024
#දේශීය

ලග්ගල නව ප්‍රාදේශිය ලේකම් ලෙස සවර්ණා පෙරේරා වැඩ බාර ගනි

ලග්ගල නව ප්‍රාදේශිය ලේකම්වරිය ලෙස පරිපාලන සේවයේ ශ්‍රේණීයේ නිලධාරිණියක වන සවර්ණා පෙරේරා මහත්මිය ඉකුත්දා වැඩ බාරගත්තාය.

සවර්ණා පෙරේරා මහත්මිය ගම්පොල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ,කැලණිය විශ්ව විද්‍යාලයෙන් සහ ‍ ශ්‍රී ලංකා අධ්‍යාපන සංවර්ධන පරිපාලන ආයතනයේ ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධිය ලබා ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වු අතර මධ්‍යම පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරිය ලෙසත්, ආණ්ඩුකාර සහකාර ලේකම් ලෙසත් කටයුතු කර ඇති අතර මෙම පත්විමට පෙර පළාත් සභාවේ පේෂකර්ම අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළාය.

ස්වර්ණා පෙරේරා මහත්මිය ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුරට පත්වීමට ප්‍රථමයෙන් පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කළා ය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *