ප්‍රධාන පෙළේ පාසලක බුද්ධ ධර්මය විෂය උගන්වන භික්ෂූන් වහන්සේ නමක් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඌරගස්මන්හන්දිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අලුත්ගම දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි ගමන් කළ 39 හැවිරිදි සැකකාර භික්ෂූන් වහන්සේ සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 1315ක් සහ රියදුරු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 1305ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. කළුතර දකුණ, බෝම්බුවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මෙම සැකකාර හිමිනම මීට පෙරද පසුගිය වසරේ ඔක්තෝබර් 20 වන දින අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට වීරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඌරගස්මන්හන්දිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි














