• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල්වල කොවිඩ් උපදෙස් ඉදිරියටත් අකුරටම ක්‍රියාත්මක කරන්න ලෙස පාසල් ප්‍රධානීන්ට උපදෙස්

17 September 2020
in දේශීය

කොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්, සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර ඇති අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.

එහෙත් පාසල් පරිශ්‍රය තුළ විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ නිසා, විශේෂයෙන් ම පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවකාශයක් තුළ ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත්, මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද මේ සම්බන්ධයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ කොවිඩ් පාලනය වී ඇති බව හා ලෝකයේ සෙසු රටවල් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යහපත් තත්ත්වයක පසුවන නමුත් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිත රටවල් අතර තවමත් අප සිටින්නේ යහපත් මට්ටමක නොවන බව ද මෙහි දී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වාදුන්නේ ය.

මේ නිසා යම් හෙයකින් කොවිඩ් 19 දෙවන රැල්ලක් මතුවුවහොත් ඒ සදහා මුහුණදීමට රටක් වශයෙන් අප සූදානම්විය යුතු බවත්, දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් පවත්නා ඇඳන් සංඛ්‍යාව, රට තුළ දිනකට සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය, වෛද්‍ය කාර්ය මණ්ඩලවල හා රෝහල්වල ධාරිතාව, පාලනය සඳහා පවතින ඖෂධ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවද, අවදානමට මුහුණදීමට වඩා පෙරසූදානමකින් යුතුව අවදානම තුරන් කරගැනීම වෙනුවෙන් පියවර ගත යුතු බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධ ව පාසල් ප්‍රධානීන් ඇතුළු සමස්ත ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සහ ඉ-තක්සලාව ඇතුළු මාධ්‍යයන් ද යොදාගනිමින් විශේෂ කඩිනම් පියවර ගන්නා බව මෙම හමුවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා පැවසීය. ඉ- ඉගෙනුම් හා නැණස රූපවාහිනී වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ එස්. ඩබ්. විජේසූරිය මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

Post Views: 13
Previous Post

අපේ නම් කියපු ගමන් පාසල්වලට ළමයින් ගන්න එපා යැයි ජනපතිගෙන් විදුහල්පතිවරුන්ට තරයේ උපදෙස්

Next Post

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

editor

editor

Next Post

නව විදුලිබල පුනරුදයට ඇමරිකාවෙනුත් සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved