2026 පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන යටතේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු ඇතුළත් කිරීම, ඒවා සත්‍යාපනය (Verify) කිරීම සහ වවුචර් පත් ස්කෑන් කිරීම සඳහා ලබා දී ඇති අවසන් දින වකවානු තවදුරටත් දීර්ඝ නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව ප්‍රතිලාභීන්ගේ තොරතුරු ඇතුළත් කිරීමේ අවසන් දිනය ජූලි 25 වන අතර, එම විස්තර සත්‍යාපනය කර අවසන් කළ යුතු දිනය ජූලි 27 වේ. මීට අමතරව වවුචර් පත් ස්කෑන් කිරීමේ කටයුතු අගෝස්තු 30 වැනිදාට පෙර නිම කළ යුතු බවත්, මෙම දින වකවානු අවසාන තීරණ වන බැවින් කිසිදු හේතුවක් මත නැවත දීර්ඝ නොකරන බවත් අමාත්‍යාංශය අවධාරණය කර සිටී.














