2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (අගෝස්තු 07) දිනෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා එය සැප්තැම්බර් 2 වන දින අවසන් වීමට නියමිතය. අනතුරුව, සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 7 වන සඳුදා දින යළි ආරම්භ වන අතර, දෙසැම්බර් 4 වන දිනෙන් තෙවන පාසල් වාරය නිමාවට පත්වනු ඇත.
මීට අමතරව, 2026 වර්ෂය සඳහා වන අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.














