ඉන්ධන මිල ඉහළ යාම සැළකිල්ලට ගෙන පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් ඇතුළු වාහනවල ගාස්තු මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි 12%කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය නිවේදනය කරයි.
පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන මිල රුපියල් 105කින් ඉහළ ගියද මෙතෙක් ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ බව එම සංගමයේ ලේකම් වසන්ත ඉංගකෝන් මහතා පවසයි.
ටයර්, බැටරි සහ ලිහිසි තෙල් මිල ඉහළ යාම.
අමතර කොටස්, වාහන සේවා සහ අලුත්වැඩියා ගාස්තු වැඩි වීම.
රියදුරු සහ සහායක වැටුප් ඉහළ යාම.
රජය විසින් මගී ප්‍රවාහන සේවා ගාස්තු 12.5%කින් වැඩි කිරීමට අනුමැතිය ලබා දී ඇතත්, පාසල් ප්‍රවාහන සේවා සඳහා අය කරන්නේ 12%ක් පමණක් බව සංගමය පෙන්වා දෙයි.
සංගමය විසින් නියම කරන ලද ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සංගමය වගකීමක් නොගන්නා බව සාමාජිකයින්ට දැනුම් දී ඇත.
දිවයින පුරා විසිරී සිටින මෙම සංගමයේ සාමාජික සංඛ්‍යාව 35,000කට ආසන්න වේ.














