• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් ආරම්භ කිරීම අගෝස්තු මාසයේ දී – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

12 July 2021
in දේශීය

සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූල ව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවත් එහි පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) සියලු ම පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

අද දින කොළඹ කලාපයේ ගුරුවරුන්ගෙන් අරඹන මෙම වැඩසටහන හෙට දිනය වනවිට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා එන්නත්කරණය කර අවසන් කරන්නට හැකිවනු ඇත.

මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව සිදු කෙරේ. රටේ සිටින සමස්ත ගුරුවරු ප්‍රමාණය වන 242,000ක් පමණ ඉලක්කය වන අතර මේ වනවිට ත් සැලකිය යුතු ප්‍රතිශතයක් ගුරුවරුන් එන්නත් ලබාගෙන ද තිබේ. ගුරුවරුන්ට කිසිදු අසීරුතාවක් නොවන්නට ත් ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාවන පරිදි ත් මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය වී තිබේ.

දූ දරුවන්ට අවුරුද්දක් අධ්‍යාපනය නොලැබී යන්නේ නම් එය තම ජීවිතයේ කෙදිනකව ත් පියවා ගැනීමට ඔවුන්ට නොලැබෙන බව ත් එය ඔවුන්ගේ ජීවිතයේ සදාකාලික ගැටලුවක් බවට පත්වන බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෘජු ව උනන්දු වූ ජනාධිපතිවරයාටත්, සෞඛ්‍ය අංශ සහ යුධ හමුදාපතිවරයා ඇතුලු ත්‍රිවිධ හමුදාවට ත් ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

Post Views: 16
Previous Post

DFCC බැංකුවට එක්සත් රාජධානියේ Global Brands වෙතින් සම්මාන 2 ක්

Next Post

ලෝකයේ හොඳම කැල්සයිට් නිධිය බලංගොඩ කැල්සයිට් නිධියයි – මහාචාර්ය එච්.එම්. ටී. ජී. ඒ. පිටවල 

editor

editor

Next Post

ලෝකයේ හොඳම කැල්සයිට් නිධිය බලංගොඩ කැල්සයිට් නිධියයි - මහාචාර්ය එච්.එම්. ටී. ජී. ඒ. පිටවල 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved