SDB බැංකුව සිය ආයතනික හා ව්‍යාපාරික බැංකු සේවා ක්ෂේත්‍රය පුළුල් කරමින් කොළඹ 02, යූනියන් පෙදෙසේ අංක 167 දරන ස්ථානයේ නව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් විවෘත කර ඇත.
කොළඹ ප්‍රමුඛ වාණිජ කලාපයක පිහිටි මෙම නව මධ්‍යස්ථානය මගින් ආයතනික කළමනාකාරීත්වය, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයන්, වෘත්තිකයන් මෙන්ම ඉහළ ශුද්ධ වත්කම් සහිත ගනුදෙනුකරුවන්ට විශේෂිත මූල්‍ය විසඳුම් සහ සමීප බැංකු සේවාවක් ලබා දීම අපේක්ෂා කෙරේ.
මෙම මධ්‍යස්ථානය හරහා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට අනුකූලව සකස් කළ ණය සහ තැන්පතු පහසුකම්, සබඳතා කළමනාකරණ සේවාවන්, කෙටිකාලීන ආයෝජන සහ මුදල් වෙළඳපොළ විසඳුම්, ඩිජිටල් බැංකු පැකේජ මෙන්ම පළපුරුදු බැංකු වෘත්තිකයන්ගෙන් පෞද්ගලික උපදේශන සේවාවන් ලබා ගැනීමටද අවස්ථාව හිමිවේ.
මෙම ප්‍රවේශය හරහා තිරසර වර්ධනය අපේක්ෂා කරන කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය සහාය ලබා දීමටත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ ශක්තිමත් හා දිගුකාලීන බැංකු සබඳතා ගොඩනැගීමටත් අපේක්ෂා කරන බව SDB බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා සඳහන් කර ඇත.














