27 April 2024
#ක්‍රීඩා

සී ෂෙල්ස් ජාතික වොලිබෝල් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක

සී ෂෙල්ස් රාජ්‍යයේ ජාතික වොලිබෝල කාන්තා හා පිරිමි කණ්ඩායම් ද්විත්වය මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතාගේ මැදිහත් වීමෙන් සංවිධානය කළ , එම කණ්ඩායම් සහභාගී වූ තරඟ දෙකක් ඊයේ රාත්‍රී රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

එහිදී සී ෂෙල්ස් කාන්තා කණ්ඩායම සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් වට 3 – 0 ජයක් වාර්තා කිරීමට සී ෂෙල්ස් කාන්තා ජාතික වොලිබෝල කණ්ඩායම සමත්වුනා.

අනතුරුව සී ෂෙල්ස් පිරිමි ජාතික කණ්ඩායම සහ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය අතර පැවති වොලිබෝල් තරඟයෙන් වට 3 – 0 ජයත්‍රහණයක් වාර්තා කිරීමට රාජසිංහ ක්‍රීඩා සමාජ වොලිබෝල් කණ්ඩායම සමත්වුනා.

ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීම රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *