සේරුනුවර සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24, 34 සහ 35 යන වයස්වල පසුවන මෙම තරුණයන් තිදෙනා සිය පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත. මේ අතර ඊයේ පස්වරුවේ හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය කටුනායක ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු ද දියේ ගිලී මියගොස් තිබේ. විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන එම තරුණයන් දෙදෙනා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. පවතින උත්සව සමය තුළ ජලජ ක්‍රියාකාරකම්වල යෙදීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














