27 April 2024
#දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලයේ සේවාවන් තාවකාලිකව නතර කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එසේම 0112677877 දුරකථනය ඔස්සේ ලබා ගන්නා ලද වේලාවන් වෙන්කිරීම් සියල්ලම අවලංගු වෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාලවල ද සේවාවන් සීමිත කර ඇති බවය.

මෙම තීරණ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෙන ඇති අතර නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය පිළිබඳ ව ඉදිරියේ දී දැනුම් දෙන බව ද ඔහු සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *