27 April 2024
#දේශීය

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කෙරේ

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇත.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

අභිනව ජනාධිපති නීතිඥවරු ඉදිරි කාලයේ දී සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති අතර අදාළ පත්කිරීම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙත අද (14) භාර දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *