හබරාදුව, තල්පේ මුහුදු තීරයේදී දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 17 හැවිරිදි තරුණයාගේ සිරුර අද (02) පෙරවරුවේ හබරාදූව මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන ඇත.
පසුගිය 31 වැනිදා පුද්ගලයින් සිව්දෙනෙකු තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී මෙලෙස රළ පහරට හසුවූ අතර, ඉන් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. එහෙත් එම අවස්ථාවේදී අදාළ තරුණයා මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ අතර, ඔහු සොයා දින කිහිපයක් පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.
සිරුර හමුවීමෙන් අනතුරුව මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
















