27 April 2024
#දේශීය

ගෝල්ෆේස් උද්ඝෝෂකයින්ට පහර දුන් පිරිස් රැසක් අත්අඩංගුවට

අරලියගහ මන්දියර සිට ගාලුමුවදොරට පැමිණ පහරදීමේ සිද්ධියට හා එදින රට පුරා සිදු වු ප්‍රජාණ්ඩකාරි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 805 ක් ලැබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

එම පැමිණිලිවලට අදාළව 883 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම පැවසිය.එම සැකකරුවන්ගෙන් 364 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇප ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. 12 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ඒ මහතා පැවසිය.

 අරලියගහ මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාල අසල සාමකාමි විරෝධතාකරුවන්ට ඉකුත් (9) දින පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 8 1/2 ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඊයේ (17) පස්වරු 4.00 ට පමණ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර අද මධ්‍යම රාත්‍රී 12.30 දක්වා මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.

ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇත බව පොලිසිය පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *