අනාගත පරපුර අධ්‍යාපනය මඟින් සවිබල ගැන්වීමේ අරමුණින් සේලාන් බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පහසර’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ 293 වැනි පුස්තකාලය නිට්ටඹුව රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකා පුරා ‘පහසර’ පුස්තකාල 300ක් පිහිටුවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම උත්සවයට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, විදුහල්පති බී.එස්.එස්. ප්‍රේමරත්න ඇතුළු විදුහල් කාර්ය මණ්ඩලය සහ සේලාන් බැංකුවේ නියෝජිතයෝ පිරිසක් එක් වූහ. මෙහිදී පාසල් පුස්තකාල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ලැප්ටොප් පරිගණක දෙකක්, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector) සහ පොත්පත් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, ‘පහසර සතිය’ නමින් ක්‍රියාත්මක කළ වැඩසටහන යටතේ 10 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක්, 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්, සිසුන්ගේ නිර්මාණ ඇතුළත් කාව්‍ය හා ανέප්‍රාස සංග්‍රහයක් එළිදැක්වීම සහ අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියක් ද සංවිධානය කර තිබිණි.














