කන්කසන්තුරෙයි වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ‘SG 423’ මගී ප්‍රවාහන නෞකාව ඔස්සේ නීති විරෝධී ලෙස රත්‍රං ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ මගීන් 26 දෙනෙකු ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (17) දිනයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් ශරීර අභ්‍යන්තරයේ රත්‍රං සඟවාගෙන සිටීද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බැවින්, ඔවුන්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම වැටලීම මගින් ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකා හරහා සිදුවන නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ ඇති දැඩි අවධානය යළිත් තහවුරු වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට රේගුව කටයුතු කරමින් සිටී.
















