කටාර් රාජ්‍යයේ හිටපු නායක, ‘Father Emir’ ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.
මෙම අභාවය පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය විසින් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ සමස්ත කටාර් රාජ්‍යයට සිය ශෝකය පිරිනමනු ඇත.
මෙම සංචාරය දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය විසින් එමිර්වරයාගේ පවුලේ ඥාතීන් මෙන්ම එරට රාජ්‍ය තාන්ත්‍රිකයින් ද හමුවීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.
















