ගැටලු රැසකට මුහුණ දෙමින් සිටියද කොලොම්බියාව බිඳවැටී නොමැති බවත්, අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව එකිනෙකාට සහාය දැක්වීම විශේෂයෙන් දරුවන් වෙනුවෙන් ශක්තිමත් බලාපොරොත්තුවක් බවත් සුපිරි ගායිකා ෂකිරා පවසා තිබේ.
මේ අතර, අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ යළි පන්තිකාමර වෙත පැමිණෙන දරුවන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා **FIFA Global Citizen Education Fund** ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 500,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
















