අවිධිමත් රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ නඩුවට අදාළව ශෂී වීරවංශ මහත්මියට දඬුවම් නියම කිරීම සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (12) නියම කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇති බව දසත පුවත් වාර්තා කරයි.
ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ ඇයට නියම කළ දඬුවමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. එම අභියාචනයට අදාළ නඩු කාර්ය සටහන් වාර්තා මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.
2022 මැයි 27 වැනිදා කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ඇය වරදකාරිය කර වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණි. දඩය නොගෙවන්නේ නම් අමතර මාස හයක සිරදඬුවමක්ද නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය 2026 ජුනි 11 වැනිදා කොළඹ මහාධිකරණය ප්රතික්ෂේප කරමින් මුල් තීන්දුව තහවුරු කළේය. ඒ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනයේ ඉදිරි ක්රියාමාර්ග තවදුරටත් පවතී.
















