ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ශිරාන් බාසික්ගෙන් කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුගේ මත්ද්‍රව්‍ය සහ ව්‍යාපාරික ජාලයේ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
බාසික්ගේ නීති විරෝධී දේපළ පාලනය කළ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ පෞද්ගලික පන්ති පවත්වන ප්‍රධාන පෙළේ ගුරුවරයෙක් වන අතර, ඔහු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන බාසික්ගේ සමීපතම හිතවතියක් දැනට ඩුබායි රාජ්‍යයේ පසුවන අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය විසින් ඩුබායි පොලිසිය වෙත විශේෂ දැනුම්දීමක් කර තිබේ. මීට අමතරව, මෙම ජාවාරමට සහය දැක්වූ දේශීය සහ විදේශීය සැකකරුවන් සිව්දෙනෙකු (04) ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටී. බාසික් පරිහරණය කරන ලද ජංගම දුරකථන පරීක්ෂාවට ලක්කිරීමෙන් ලැබුණු දත්ත ඔස්සේ විමර්ශන පෘථුල කර ඇති අතර, ඉදිරි දිනවලදී මෙම ජාලයේ සියලුම සාමාජිකයින් කොටු කරගැනීමට අපේක්ෂා කෙරේ.
















