ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමඟ ගනුදෙනු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි.
අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ 48 හැවිරිදි දෙහිවල පදිංචිකරුවෙකු වන මොහු, මෙරටට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් අයෙකි. ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන මත පසුගිය මැයි 26 වැනි දින ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අවසර ලබාගෙන ඇත.














