වසර ගණනාවක් පුරා ලොව ජනප්‍රියම විස්සයි-20 ලීගය ලෙස කිරුළු දරා සිටින ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාව 2026 වාරය තුළදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. BARC India සහ TAM Sports දත්ත උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වාරයන්ට සාපේක්ෂව මෙවර රූපවාහිනී නරඹන්නන්ගේ සංඛ්‍යාව 26% කින් පමණ අඩුවී ඇති බවයි.
එමෙන්ම IPL රූපවාහිනී ශ්‍රේණිගත කිරීම් (Ratings) ද 18.8% ක පමණ පසුබෑමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රූපවාහිනී තිරයෙන් බැහැරව ඩිජිටල් වේදිකාවන් වෙත යොමු වීම හෝ තරග රටාවේ පවතින යම් යම් වෙනස්කම් මෙම පසුබෑමට හේතු වන්නට ඇතැයි විචාරකයෝ මත පළ කරති. කෙසේ වෙතත්, වාණිජමය වශයෙන් දැවැන්ත වටිනාකමක් සහිත IPL තරගාවලියේ මෙම ප්‍රේක්ෂක කඩාවැටීම විකාශන අයිතිය හිමි සමාගම්වල මෙන්ම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ද දැඩි අවධානයට ලක්වී තිබේ.














