27 April 2024
#Uncategorised

පළාත් පාලන මැතිවරණය පිලිබඳ රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම හෙට

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධව ප්‍රකාශයට අත්සන් තැබිම හෙට (20) සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කල් දැමීමට එරෙහිව නිදහස ජනතා සභාව විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් විශේෂ සමුළුවක් පසුගිය 12වන දින ජයවර්ධනපුර MONARCH IMPERIAL හිදි පැවැත්වුන අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇත.

මෙම සමුළුවේදි පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීන්දුව අනුව, මැතිවරණ ප්‍රතිසංස්කරණ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එයට තනි පක්ෂ වශයෙන් හා ඒකාබද්ධව දැඩි ලෙස එරෙහි වීමටත්, එසේම ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් විසින් ජනතාව දැනුවත් කිරීමේ කඩිනම් වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමටත්, රජය විසින් ගනු ලබන මෙවැනි තීරණයකදි ඊට එරෙහිව නීත්‍යානුකූලව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්,
පාර්ලිමේන්තුව තුළ දී මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන පළාත් පාලන මැතිවරනය කල් දැමීමේ ක්‍රියාවලිය පරාජය කිරීමටත් එකඟතාව පල විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *