27 April 2024
#දේශීය

මැලේරියාව යළි හිස ඔසවන ලකුණු …සෞඛ්‍ය අංශය දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ දැනට මැලෙරියා බොෟවීමක් හෝ ව්‍යාප්තියක් නොමැති නමුත් ලෝකයේ මැලේරියා බහුල රටවලින් මෙරටට එන පිරිස වැඩීවිමත් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

එමගින් මෙරට තුල මැලෙරියා වාහක මදුරුවන් සිටිමත් නිසා ශ්‍රී ලංකාවේ මැලේරියාව යළි හිස එසවීමේ අවදානමක් ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

මැලේරියා මර්ධන කාර්යාලය පවසා සිටින්නේ විදේශගතවන ශ්‍රී ලංකීකයින් මෙම අවදානමෙන් මීදී සිටිම සඳහා දිවයිනෙන් බැහැර යාමට පෙර මැලෙරියා මර්දන කාර්යාලයෙන් අවශ්‍ය උපදෙස් සහ නොමිලේ ලබා දෙන ඖෂධ ලබා ගත යුතු බවයි.

එසේම විදේශ ගතවීමට සතියකට පෙර ඖෂධ පාවිච්චිය ආරම්භ කල යුතුය. තව ද විදේශගතව සිටින කාලය තුළ සතිපතා ඖෂධ ගත යුතු අතර මදුරු දෂ්ටනයෙන් වැලකි සිටිම වැදගත්ය. සේවය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පසු අඛණ්ඩව සති 04 ක් ඖෂධ පාවිච්චි කල යුතුය. ශ්‍රී ලංකාවට පැමිණ මාසයකින්, මාස 06 කින් සහ වසරකින් රුධිර පරික්ෂාවක් කල යුතු වේ.

සියරට පැමිණ වසරක යන තුරු උණ වැළදුණු අවස්ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී මැලෙරියා අවදානම සහිත රටක සිට පැමිණිම පිළිබඳ දැනුවත් කිරීම වැදගත් වේ.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු 0117626626 /0712841767 දුරකතන අංකය ඔස්සේ මැලේරියා මර්දන ව්‍යාපාරය ඇමතිමෙන් දැන ගැනීමට හැකියාව ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *