2026 සියම් දහම් පාද යාත්‍රාව අද (10) පෙරවරුවේ ත්‍රිකුණාමලය ඓතිහාසික ගෝකණ්න රජමහා විහාරයෙන් ආරම්භ කෙරුණි. උපාලි මහා ස්ථවිරයන් වහන්සේ (උපාලි හිමි) සියම් දේශයේ (තායිලන්තයේ) සිට මෙරටට උපසම්පදාව වැඩම කර වසර 273ක් පිරීම නිමිත්තෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබේ. මෙම දහම් පාද යාත්‍රාව ත්‍රිකුණාමලයේ සිට කන්තලේ, හබරණ, අනුරාධපුරය, දඹුල්ල සහ මාතලේ හරහා ඓතිහාසික මහනුවර නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.තායිලන්තයෙන් මෙරටට වැඩම කර සිටින භික්ෂූන්වහන්සේ 60 නමකට වැඩි පිරිසක්, තායිලන්තයේ දසසිල් මාතාවන් පිරිසක් මෙන්ම මෙරට භික්ෂූන්වහන්සේලා ද විශාල පිරිසක් මෙම සුවිශේෂී පාද යාත්‍රාව සඳහා එක්ව සිටිති. දෙරට අතර පවතින දීර්ඝකාලීන ආගමික හා සංස්කෘතික සබැඳියාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පාද යාත්‍රාව ඉදිරි දින කිහිපය පුරාම දිවයිනේ ප්‍රධාන නගර රැසක් පසුකරමින් ගමන් කිරීමට නියමිතව ඇත.
















