දකුණු කොරියාවේ ප්රමුඛ පෙළේ අර්ධ සන්නායක (memory chip) නිෂ්පාදකයකු වන එස්.කේ. හයිනික්ස් (SK Hynix) සමාගම ජපානයේ මියාගි ප්‍රාන්තයේ නව මතක චිප් නිෂ්පාදන කම්හලක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
ගෝලීය වශයෙන් මතක චිප් සඳහා වැඩි වන ඉල්ලුම හමුවේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම ආයෝජනය සිදු කිරීමට එම සමාගම සලකා බලමින් සිටින බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිත අතර, එය දකුණු කොරියානු චිප් නිෂ්පාදකයකු ජපානය තුළ සිදු කරන පළමු මහා පරිමාණ නිෂ්පාදන ආයෝජනය වනු ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.














