• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම කල යුතුයි – ඇමැති නාමල්

5 April 2021
in දේශීය

අපේ ප්‍රතිපත්තිය කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (02) දා මඩකලපුව දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ නිදහස ලබා වසර 73ක් ගත වුවත් මෙතෙක් බලයට පත් වූ සියලුම ආණ්ඩු සංවර්ධනය යැයි කියා කළේ භෞතික සම්පත් වැඩිදියුණු කිරීම බවයි. නමුත් වත්මන් ආණ්ඩුවක් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට සමඟාමීව මානව සම්පත සංවර්ධනය කිරිමට කටයුතු ආරම්භ කළ බවත් ඊළඟ පරම්පරාවට අපේ රට ගොඩනගන්න අප මේ ගෙනයන වැඩපිළිවෙළ ශක්තියක් වන බවයි.

එසේම තරුණ පරපුරට අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සමඟ නවීන තාක්ෂණ දැනුම සමඟ නිපුණතාව ගොඩනගාගත හැකි වැඩසටහන් අප ආරම්භ කර තිබෙන බවත් අපේ ප්‍රතිපත්තිය ආණ්ඩුවක් ලෙස කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතා පූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බව හෙතෙම පැවසිය.

සමාජීය සුබ සාධනය වෙනුවෙන් තරුණ අමාත්‍යාංශය හා බැදුණු අමාත්‍යාංශ රාශියක් මෙම සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා මෙහි දී හෙළි කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන රොෂාන් රණසිංහ, පියංකර ජයරත්න, පියල් නිශාන්ත, එස්.විලයේන්ද්‍රන් යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, නසීර් අහමඩ් මහත්වරු සහ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ද සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවලට අයත් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මඩකලපු දිස්ත්‍රික් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.

Post Views: 9
Previous Post

කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

Next Post

පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

editor

editor

Next Post

පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved