විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2 ත් 13 ත් අතර වන දරුවන් පිළිගත් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල (Daycare Centers) සිටින්නේ නම්, ඔවුන් වෙනුවෙන් මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) පවසයි. කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් විසින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී. මෙලෙස සකස් කරන ලද නව සහන වැඩපිළිවෙළෙහි ප්‍රධාන කරුණු සහ කාරක සභාවේදී සාකච්ඡා වූ අනෙකුත් වැදගත් තීරණ පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 400 ඉක්මවන්නේ නම් මෙම රුපියල් 10,000ක මාසික දීමනාව හිමි වන අතර මේ සඳහා මූලික පියවරක් ලෙස රුපියල් මිලියන 10ක මුදලක් දැනටමත් වෙන් කර ඇත. මෙයට අදාළ අවසාන අනුමැතිය ලැබුණු පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා අදාළ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත සෘජුවම මෙම මුදල් ගෙවීමට කටයුතු සූදානම් කර තිබේ. එසේම පරිවාස, ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන සතු දත්ත ඒකාබද්ධ කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෙන් මෙරට ළමුන් වෙනුවෙන් “ජාතික දත්ත පද්ධතියක්” (National Database) සැකසීමේ කටයුතු මේ වසර තුළ අවසන් කිරීමට ද නියමිතය.
පොලිස් සහ සෞඛ්‍ය අංශවල කාන්තා පුරප්පාඩු පිරවීම
කාන්තා සහ ළමා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් උපපොලිස් පරීක්ෂකවරියන් (SI) 50 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියන් (WPC) 2,600 දෙනෙකු බඳවා ගැනීමට මේ වන විට අයදුම්පත් කැඳවා ඇත. විශේෂයෙන් දමිළ භාෂාව කතා කළ හැකි නිලධාරිනියන් බඳවා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු ද අරඹා තිබේ. එමෙන්ම දමිළ භාෂාව කතා කළ හැකි පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ (Midwives) පවතින පුරප්පාඩු පිරවීම සඳහා, දමිළ මාධ්‍යයෙන් උසස්… පූර්ණ ලිපිය කියවන්න. පෙළ (A/L) අවසන් කළ සිසු සිසුවියන් දැනුවත් කිරීමට ද අමාත්‍යවරිය මෙහිදී උපදෙස් දුන්නාය.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියහ.














