සමාජ මාධ්‍ය සහ විවිධ ඇප්ස් හරහා පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පෙන්වා මුදල් ඉල්ලා බ්ලැක්මේල් කිරීම් හෙවත් ‘සෙක්ස්ටෝෂන්’ අපරාධ මේ වන විට වැඩිවී ඇති බැවින් ඒ ගැන දැඩි පරීක්ෂාවෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවට දන්වා සිටියි.
මෙවැනි අපරාධකරුවන් මුදල් හෝ වෙනත් අයුතු ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතයෙන් ව්‍යාජ ඩීප්ෆේක් (deepfake) රූප පවා නිර්මාණය කර තර්ජනය කරන බව අනාවරණය වී ඇත.
එම නිසා කිසිදු විටෙක බිය වී ඔවුන්ට මුදල් ගෙවීමෙන් වළකින ලෙසත්, එවැනි තර්ජන පැමිණි වහාම ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම නවත්වා අදාළ සාක්ෂි සුරක්ෂිත කර තබා ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ. තවද, පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීමේදී ඉතා කල්පනාකාරී වන ලෙසත්, සැකකටයුතු ගිණුම් පිළිබඳව වහාම අදාළ ආයතන දැනුවත් කරන ලෙසත් අවධාරණය කර ඇත.














