සබන් නිෂ්පාදනය කිරීමේදී ඊට යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ඇසුරුමේ හෝ ලේබලයේ සඳහන් කිරීම අනිවාර්ය කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටී.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සිකුරාදා නිකුත් කළ නව ගැසට් පත්‍රය මගින් සබන් ඇසුරුම්වල නිෂ්පාදනයේ නම සහ මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීම පිළිබඳව එම සංවිධානය සිය ප්‍රසාදය පළ කර සිටී. කෙසේ වෙතත්, පාරිභෝගික අයිතීන් තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා අමුද්‍රව්‍ය ලැයිස්තුවක් ද ඉදිරියේදී අනිවාර්ය කළ යුතු බව එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙයි.
සිය මාධ්‍ය නිවේදනය හරහා ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, තමන් භාවිත කරන නිෂ්පාදනයේ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් වීමට පාරිභෝගිකයාට අයිතියක් ඇති බවයි. එබැවින්, අදාළ සියලුම අමුද්‍රව්‍ය ලේබලය මත සඳහන් කිරීම අනිවාර්ය කරන තවත් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ඔවුන් එම අධිකාරියෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














