27 April 2024
#දේශීය

අභියාචනාධිකරණ වැඩබලන සභාපති ලෙස සෝභිත රාජකරුණා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර මහාධිකරණ විනිසුරු එම්.සී.බී. සංජීව මොරායස් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *