රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි ජනප්‍රිය සංචාරක නගරයක් වන සෝචි (Sochi) වෙත එල්ල වූ මුහුදු ඩ්‍රෝන (Sea drones) ප්‍රහාරයකින් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා තිබේ. රුසියානු ජනාධිපති විලැඩිමීර් පුටින්ගේ නිල නිවසක් ද පිහිටි මෙම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ යටිතල පහසුකම් කිහිපයකට ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බව ක්රාස්නොඩර් (Krasnodar) ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කරයි.
යුක්රේනය විසින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත ගුවනින් ඩ්‍රෝන ප්‍රහාර දිනපතා එල්ල කළද, මෙලෙස මුහුදු මාර්ගයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම තරමක් දුර්ලභ සිදුවීමකි. ප්‍රහාරයත් සමඟ වෙරළ තීරයේ පිපිරීමක් සිදුවන ආකාරය සහ ජනතාව කලබලයෙන් දිවයන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, රොයිටර් පුවත් සේවය මඟින් එම දර්ශනවල සත්‍යතාව තහවුරු කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















